රෝහල් ගත කොරෝනා ආසාදිතයන් යළි 5000 සීමාවට – PCR ප්‍රතිඵල ප්‍රමාදයක්

තවත් ආසාදිතයින් 807 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (07) 63,000 සීමාව ඉක්මවා ගියා.ඒ සමඟ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්දහසේ සීමාව දක්වා පහත වැටුණා.  එසේම, අද (07) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 362 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 68,938ක් වන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63,401 ක්.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5186 ක්.  මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මේ වනවිට මෙරට තුළ සිදුකෙරෙන පී.සී.ආර්. සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද වී ලැබීම හේතුවෙන් ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වෙත යොමු කිරීම ඇතැම් අවස්ථාවලදී ප්‍රතිඵලදායක නොවන බවයි.

මේ අතර, නාවලපිටිය ප්‍රදේශයේ – දෙමළ මාධ්‍ය පාසැලක 7 වැනි සහ 11 වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වුණා.එසේම, අතුරුගිරිය ප්‍රදේශයේ පාසැලක ගුරුවරියකට සහ සිසුවෙකුට වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. සිසුවා අධ්‍යාපනය ලැබූ පංතියේ සියලු‍ සිසුන් ස්වයං නිරෝධානයට යොමු කළ බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09