රෝහල්ගත වීමටත් පෙර මිය යන කොවිඩ් රෝගීන් ගැන PHI සංගමය කරන අනාවරණය

පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් රෝහල් ගත වීමටත් පෙරම මිය යෑමේ අවස්ථා ගණනාවක් වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම රෝහල්වල ධාරිතාවය සහ රෝහල් වෙත අසාදිතයින් ප්‍රවාහනය කිරීමේ සම්පත් සීමිත බැවින් ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බව උපුල් රෝහණ මහතා විශ්වාසය පළ කරන්නේ.

ඒ අනුව ආසාදිතයින් නිවෙස් තුළ සහ රෝහල්වලට ගෙන යන අතර තුර මහ මග මිය යෑමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරත් සඳහන් කළේ.

එබැවින් ජනතාව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමය කළ යුතු බවද ඒ මහතා දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?