රෝයල් පාක් ඝාතකයාට සමාව දුන් මෛත්‍රීව ශ්‍රේෂ්ඨාධිකරණය මුදාහරියි

රෝයල් පාක් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම නඩුකරය අද (29) එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද අධිකරණයේ පෙනී සිටියා.

එහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කළ වන්දි මුදල තම සේවාදායකයා විසින් දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළා.

ඒ, අනුව අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදාහැරීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
28
+1
1
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?