AFC Banner
AFC Banner
Empty Ad

රෝගියෙකුගේ උදරයෙන් කාසි 39ක් සහ චුම්බක 37ක් පිටතට ගනී

නව දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් මිනිසෙකුගේ බඩවැලකින් කාසි 39ක් සහ චුම්බක 37ක් පිටතට ගෙන තිබෙනවා.

26 හැවිරිදි රෝගියෙකුට සිදුකළ ශල්‍යකර්මයකින් මෙම කාසි සහ චුම්බක සීයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ශරීරය වර්ධනය කරගැනීමට සින්ක් උපකාරී වේ යැයි උපකල්පනය කරමින් මෙම තරුණයා මෙලෙස කාසි සහ චුම්බක ගිලදමා ඇති බවයි වාර්තා වන්නේ.

දින 20 කට වැඩි කාලයක් වමනය සහ උදර වේදනාවෙන් පෙළෙමින් සිටි මෙම රෝගියා ප්‍රතිකාර සඳහා ශ්‍රීමත් ගංගා රාම් රෝහලට ඇතුළත්ව තිබෙනවා.

ඒ, වනවිටත් ඔහුට ආහාර පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවයි වෛද්‍යවරු පවසන්නේ.

අනතුරුව රෝගියාගේ උදරයේ x-ray පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එම පරීක්ෂණයේ දී ඔහුගේ උදරයේ කාසි සහ චුම්බකවල හැඩය සහිත දත්තයන් පෙන්නුම් කර තිබෙනවා.

අනතුරුව උදරයේ සිදුකළ CT ස්කෑන් පරීක්ෂණයකින් පෙන්නුම් කළේ විශාල කාසි සහ චුම්බක තොගයක් බඩවැලේ අවහිර වී ඇති බවයි.

පසුව රෝගියා වහාම සැත්කම සඳහා සූදානම්කර ඇති අතර, එහිදී ඔහුගේ බඩවැල් විවෘත කර කාසි සහ චුම්බක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

ඔහුගේ උදරයේ තිබී කාසි 39ක් (රුපියල් 1, 2, 5 කාසි) සහ චුම්බක 37ක් (හදවත, ගෝලාකාර, තරු, උණ්ඩ සහ ත්‍රිකෝණාකාර හැඩයන් යුත් ) සොයා ගත් බවයි වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

සැත්කමෙන් දින හතකට පසු සෞඛ්‍ය සම්පන්න තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
16
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?