රෝගියෙකුගේ උදරයෙන් කාසි 39ක් සහ චුම්බක 37ක් පිටතට ගනී

නව දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් මිනිසෙකුගේ බඩවැලකින් කාසි 39ක් සහ චුම්බක 37ක් පිටතට ගෙන තිබෙනවා.

26 හැවිරිදි රෝගියෙකුට සිදුකළ ශල්‍යකර්මයකින් මෙම කාසි සහ චුම්බක සීයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ශරීරය වර්ධනය කරගැනීමට සින්ක් උපකාරී වේ යැයි උපකල්පනය කරමින් මෙම තරුණයා මෙලෙස කාසි සහ චුම්බක ගිලදමා ඇති බවයි වාර්තා වන්නේ.

දින 20 කට වැඩි කාලයක් වමනය සහ උදර වේදනාවෙන් පෙළෙමින් සිටි මෙම රෝගියා ප්‍රතිකාර සඳහා ශ්‍රීමත් ගංගා රාම් රෝහලට ඇතුළත්ව තිබෙනවා.

ඒ, වනවිටත් ඔහුට ආහාර පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවයි වෛද්‍යවරු පවසන්නේ.

අනතුරුව රෝගියාගේ උදරයේ x-ray පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එම පරීක්ෂණයේ දී ඔහුගේ උදරයේ කාසි සහ චුම්බකවල හැඩය සහිත දත්තයන් පෙන්නුම් කර තිබෙනවා.

අනතුරුව උදරයේ සිදුකළ CT ස්කෑන් පරීක්ෂණයකින් පෙන්නුම් කළේ විශාල කාසි සහ චුම්බක තොගයක් බඩවැලේ අවහිර වී ඇති බවයි.

පසුව රෝගියා වහාම සැත්කම සඳහා සූදානම්කර ඇති අතර, එහිදී ඔහුගේ බඩවැල් විවෘත කර කාසි සහ චුම්බක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

ඔහුගේ උදරයේ තිබී කාසි 39ක් (රුපියල් 1, 2, 5 කාසි) සහ චුම්බක 37ක් (හදවත, ගෝලාකාර, තරු, උණ්ඩ සහ ත්‍රිකෝණාකාර හැඩයන් යුත් ) සොයා ගත් බවයි වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

සැත්කමෙන් දින හතකට පසු සෞඛ්‍ය සම්පන්න තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
16
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23