රොබෝවරයෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

රොබෝවරයෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු හට යි.

ආහාර ද්‍රව්‍ය අසුරා තිබූ පෙට්ටි තොගයක් හරියට හඳුනා ගැනීමට නොහැකි වීම මෙම පහරදීමට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මරණකරු එම ආහාර ද්‍රව්‍ය අසුරණය නිවැරදි හඳුනා ගැනීමට උත්සාහ දැරුව ද එයට අපොහොසත් ව තිබෙනවා.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා හට රොබෝ යන්ත්‍රය විසින් පහර දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු මියයාමට පෙර ද පහර දුන් රොබෝවරයාගේ යන්ත්‍රයේ කටයුතු පරීක්ෂා කර තිබෙනවා.

රොබෝ යන්ත්‍රය විසින් මෙම පුද්ගලයාව අල්ලාගෙන පපු පෙදෙස සහ මුහුණ සම්පූර්ණයෙන් ම කුඩු කර ඇති බවත් දකුණු කොරියානු පුවත් ඒජන්සිය නිවේදනය කළා.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි සේවකයා රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා.

අදාළ රොබෝ යන්ත්‍රයට පැවරී ඇති රාජකාරිය වන්නේ ගම්මිරිස් දැමූ අසුරණයන් ඔසවා ඒවා පැලට් මතට ගෙන යාමය.

ඊයේ දකුණු කොරියාවේ ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා මෙම රොබෝවරයා පරීක්ෂා කිරීමට මියගිය සේවකයා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔහු මෙම අනතුරට ලක් ව ඇත්තේ.

මීට පෙර ද දකුණු කොරියාවේ මෝටර් කාර්මික ශිල්පියෙකු ද රොබෝවරයෙකුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29