AFC Banner
AFC Banner
Empty Ad

රොබෝවරයෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

රොබෝවරයෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ දකුණු කොරියාවේ සමාගමක සේවකයෙකු හට යි.

ආහාර ද්‍රව්‍ය අසුරා තිබූ පෙට්ටි තොගයක් හරියට හඳුනා ගැනීමට නොහැකි වීම මෙම පහරදීමට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මරණකරු එම ආහාර ද්‍රව්‍ය අසුරණය නිවැරදි හඳුනා ගැනීමට උත්සාහ දැරුව ද එයට අපොහොසත් ව තිබෙනවා.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා හට රොබෝ යන්ත්‍රය විසින් පහර දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු මියයාමට පෙර ද පහර දුන් රොබෝවරයාගේ යන්ත්‍රයේ කටයුතු පරීක්ෂා කර තිබෙනවා.

රොබෝ යන්ත්‍රය විසින් මෙම පුද්ගලයාව අල්ලාගෙන පපු පෙදෙස සහ මුහුණ සම්පූර්ණයෙන් ම කුඩු කර ඇති බවත් දකුණු කොරියානු පුවත් ඒජන්සිය නිවේදනය කළා.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි සේවකයා රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා.

අදාළ රොබෝ යන්ත්‍රයට පැවරී ඇති රාජකාරිය වන්නේ ගම්මිරිස් දැමූ අසුරණයන් ඔසවා ඒවා පැලට් මතට ගෙන යාමය.

ඊයේ දකුණු කොරියාවේ ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා මෙම රොබෝවරයා පරීක්ෂා කිරීමට මියගිය සේවකයා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔහු මෙම අනතුරට ලක් ව ඇත්තේ.

මීට පෙර ද දකුණු කොරියාවේ මෝටර් කාර්මික ශිල්පියෙකු ද රොබෝවරයෙකුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?