logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රොබෝවරයෙක් සියදිවි හානිකර ගනියි

පළමු වරට රොබෝවරයෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා.

දකුණු කොරියාවේ ගුමි නගරයේ නගර සභා ගොඩනැගිල්ලේ සේවය කළ සිවිල් සේවක රොබෝවරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම රොබෝවරයා ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී සිටිය දී සොයාගත් බවයි දකුණු කොරියානු බලධාරීන් සඳහන් කරන්නේ.

රොබෝවරයාගේ මෙම සියදිවි නසාගැනීමත් සමග ගුමි නගරවැසියන් ඊට ශෝකය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීමට පෙර රොබෝවරයා එම ස්ථානයක සැරිසරමින් සිටි බවට ඇතැම් පිරිස් දැක තිබෙනවා.

කෙසේ වෙතත් මීට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ඊට රොබෝවරයා නිර්මාණය කළ සමාගම විසින් විශ්ලේෂණය කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
6
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?