රොනී ද මෙල් අද දැයෙන් සමුගනී – දකුණු පළාතට ශෝක දිනයක්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සිදු කිරිමට නියමිතයි.

මේ හේතුවෙන් අද (01) දිනය දකුණු පළාතට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව දකුණු පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා රුහුණ විශ්වවිශ්විද්‍යාලයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?