රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි – දෙදෙනෙකු අතුරුදන්

ගාල්ල – හබරාදූව රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ (11) රාත්‍රියේ දී සිදු ව ඇති අතර, එහි සිටි ධීවරයින් දෙදෙනකු අතුරුදන් ව ඇතැයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ ගාල්ල – දෙවට මුහුදු ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක්.

නුගදුව සහ මාගල්ල පදිංචි ධීවරයින් දෙදෙනෙකු මෙම අනතුරින් මේ වනවිට අතුරුදන් ව ඇති බවට පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගොස් ඇති අතර රළ පහරට හසුව යාත්‍රාව උණවටුන – රූමස්සල මුහුදේ දී පෙරළී තිබෙනවා.

එහි සිටි එක් ධීවරයෙකු පීනාගෙන ගොඩබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩබිමට පැමිණි ධීවරයාව කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සහ බෝට්ටුව සෙවීමේ කටයුතු පොලිසිය සහ නාවික හමුදාව එක් ව සිදු කළ ද මෙතෙක් එය හමුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?