රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි – දෙදෙනෙකු අතුරුදන්

ගාල්ල – හබරාදූව රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ (11) රාත්‍රියේ දී සිදු ව ඇති අතර, එහි සිටි ධීවරයින් දෙදෙනකු අතුරුදන් ව ඇතැයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ ගාල්ල – දෙවට මුහුදු ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක්.

නුගදුව සහ මාගල්ල පදිංචි ධීවරයින් දෙදෙනෙකු මෙම අනතුරින් මේ වනවිට අතුරුදන් ව ඇති බවට පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගොස් ඇති අතර රළ පහරට හසුව යාත්‍රාව උණවටුන – රූමස්සල මුහුදේ දී පෙරළී තිබෙනවා.

එහි සිටි එක් ධීවරයෙකු පීනාගෙන ගොඩබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩබිමට පැමිණි ධීවරයාව කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සහ බෝට්ටුව සෙවීමේ කටයුතු පොලිසිය සහ නාවික හමුදාව එක් ව සිදු කළ ද මෙතෙක් එය හමුවී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18