රූමත් තරුණියන් 16ක් කුට්ටනයේ යෙදවූ විත්තිකාරියන් දෙදෙනකු නිදොස් කොට නිදහස්

දේශීය හා විදේශීය රූමත් තරුණ කාන්තාවන් 16 දෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ටනය කිරීම) ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකාරියන් දෙදෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළා.

එම ගණිකා මධ්‍යස්ථානයේ හිමිකාරිය යැයි කියන රෝස් මේරි සෙල්ෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් හා එහි සේවිකාවක ලෙස කටයුතු කළ රුෂි මල්ලවආරච්චි නමැති විත්තිකාරියන් එලෙස නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එලෙස ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන කාන්තාවන් කිසිවකු පැමිණිල්ලේ සාක්‍ෂිකාරියන් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල පියවර ගෙන නොමැති බවත් ඔවුන් පිරිස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ චෝදනාවට වරද පිළිගෙන දඩ ගෙවා ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නා.

එකී චෝදනාවලට සමාන චෝදනා යටතේ පෙර කී ජිනා මැඩම් නමැත්තිය ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් 2006 වසරේ පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව ජිනා මැඩම් නමැත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කර තිබුණා.

අංක 154/2014 දරන එම නඩුව සම්බන්ධයෙන් 2020.12.14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුව අනුව එක්වරක් කුට්ටනයට ලක්වූ කාන්තාවක් නැවත කුට්ටනයට ලක් කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කළා.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නාමල් කරුණාරත්න මහතා එම නඩුවේ පළමුවන විත්තිකාරිය වන ජිනා මැඩම් නමැත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

2008 වසරේදී පොලිසිය විසින් උපාය දූතයන් යොදවා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ 8 වන මහලේ පවත්වාගෙන ගිය එකී ගණිකා මධ්‍යස්ථානය වටලා තිබූ අතර පෙර කී විත්තිකාරියන් දෙදෙනා ඇතුළු පස් දෙනකුට එරෙහිව චෝදනා 61ක් යටතේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ දෙවන විත්තිකාර කළමනාකාරවරයා වරද පිළිගෙන තිබුණා.

එකී විත්තිකරුට මහාධිකරණය විසින් නියම කළ දඩ හා වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?