ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (03) විථි සංචාරය කිරීමට නියමිතයි.
පසුගිය 19 වනදා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වූ අතර හෙට (04) දිනයේ මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකිරීමෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවට පත්වනවා.
මෙවර පෙරහැර මංගල්‍ය ආරම්භ වූ දින සිට බැතිමතුන් ලක්ෂ 07ක් පමණ කතරගම දේවාලය වන්දනා කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සඳහන් කරනවා.
මේ අතර අද (03) දිනයේ දී අවසන් පෙරහැර දැක බලාගැනීම සඳහා ද විශාල බැතිමතුන් පිරිසක් කතගම පුදබිම වෙත පැමිණෙනු ඇති බවයි විශ්වාස කරන්නේ.
බැතිමතුන්ගේ පහසුව පිණිස පසුගිය දින කිහිපය තුළ දී කතරගම දේවාලය දිවා රාත්‍රි විවෘත තැබිම පියවර ගෙන තිබුණා.














