AFC Banner
AFC Banner
Empty Ad

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

රුසියාව විසින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේනය පුරා ප්‍රදේශ රැසක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි ජනාධිපති විලදමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ.

යුක්‍රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වු එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට කටයුතු කළ බවයි.

රුසියාවෙන් එල්ල විය හැකි මෙවැනි ප්‍රහාරවලට මුහුණ දීම සදහා ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි යුක්‍රේන ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?