ඉන්දියා-රුසියා සබඳතා සඳහා ඓතිහාසික මොහොතක, රුසියාවේ පළමු ධාතු ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, බුදුන් වහන්සේගේ පූජනීය ධාතු කල්මිකියා ජනරජයේ අගනුවර වන එලිස්ටා වෙත වැඩම කරවා තිබෙනවා.
නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශුද්ධ ධාතු, උත්තර් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති කේෂව් ප්‍රසාද් මෞර්යගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් සමඟ විශේෂ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් එහි වැඩම කරවනු ලැබුවා.
ඔක්තෝබර් 18 දක්වා ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, ජාතික කෞතුකාගාරය සහ ඉන්දිරා ගාන්ධි ජාතික කලා මධ්‍යස්ථානය සමඟ එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනවා.
කල්මිකියා යනු යුරෝපයේ එකම බෞද්ධ දේශයයි.





