රුසියාවෙන් යුක්‍රේන වැසියන්ට අනතුරු ඇඟවීමක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇතිවී තිබෙන බවය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවය.

මේ වනවිට යුක්‍රේන වැසියන් 660,000ක් පමණ එරටින් පළාගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

එම ගණන මිලියන 4 දක්වා වැඩි වියහැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ වනවිට දින 6ක් ගතවෙමින් පවතී.

එවන් පසුබිමක රුසියානු ආක්‍රමණිකයන් පළවාහැරීම සඳහා යුක්‍රේන සාමාන්‍ය වැසියන් පවා මේ වනවිට සටනට අවතීර්ණ වී සිටීම විශේෂත්වයකි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව සිය උපක්‍රම වෙනස් කරමින් සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වෙතද ප්‍රහාර එල්ල කරමින් සිටින බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40