spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවෙන් යුක්‍රේන වැසියන්ට අනතුරු ඇඟවීමක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇතිවී තිබෙන බවය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවය.

මේ වනවිට යුක්‍රේන වැසියන් 660,000ක් පමණ එරටින් පළාගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

එම ගණන මිලියන 4 දක්වා වැඩි වියහැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ වනවිට දින 6ක් ගතවෙමින් පවතී.

එවන් පසුබිමක රුසියානු ආක්‍රමණිකයන් පළවාහැරීම සඳහා යුක්‍රේන සාමාන්‍ය වැසියන් පවා මේ වනවිට සටනට අවතීර්ණ වී සිටීම විශේෂත්වයකි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව සිය උපක්‍රම වෙනස් කරමින් සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වෙතද ප්‍රහාර එල්ල කරමින් සිටින බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?