ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම කාර්යභාරය හරියාකාරව කිරීමට නොහැකි නම් එය තමා ඇතුළු තම පක්ෂය කිරීමට සුදානම් බවත් රුසියාවේ ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා කර රටට අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලබාදීමට තමන්ට හැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර පැවසිය. ආණ්ඩුව මෙම කාර්යභාරය නොකර සිටින්නේ නොහැකියාව නිසා නොවන බවත් ඇමරිකාවට ඇති බිය නිසා බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
අද වනවිට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනි ජුලි චුන්ග් බවත් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇයගෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවත් වැඩිදුරටත් ඔහු පවසයි.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය සුජාත භාවයක් තිබුණ ද දේශපාලන සුජාතභාවයක් නොමැති බව පවසන සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුවේ පමණක් ගෝඨාභය රාජපක්ෂ ජනපති වී සිටින බව ද පැවසිය.














