AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු විපක්ෂ නායක නවල්නිගේ මෘත ශරීරය සැඟවීමේ තැතක්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිය දී මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ මවට භාරදෙන බවට රුසියානු බලධාරීන් ප්‍රකාශ තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය ඇලෙක්සි නවල්නිගේ මළසිරුර සඟවනු ඇති බවට ඔහුගේ ඥාතීන් ඇතුළු හිතවතුන් චෝදනා කර තිබෙනවා.

මේ මරණය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයක් මත සිදුවන්නට ඇති බවට සැකයක් මත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම රුසියානු විපක්ෂ නායකගේ මෙම මරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

බන්ධනගාර ගතව සිටි නවල්නි බන්ධනාගාරය තුළ ඇවිදිමින් සිටිය දී එක්වරම සිහිසුන්ව වැටීමෙන් පසුව මිය ගිය බවට බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ මවට පසුගිය සිකුරාදා පවසා තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවල්නිගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුටින් ඇතුළු ඔහුගේ රජයට චෝදනා එල්ල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?