රුසියානු යුද පෙරමුණේ දැවැන්තයා අවසන් ගමන් යයි

පිපිරීමකින් හානියට පත්වූ රුසියානු යුද නෞකාව ගිලී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර තිබේ.

යුක්‍රේනයට එරෙහිව පවතින යුද මෙහෙයුමේදි කළු මුහුදේ රුසියානු බල ඇණියේ ප්‍රමුඛයා ලෙස මෙහෙයුම් වල නිරත වූ මොස්කාවා නෞකාව කාර්යමණ්ඩලය 510කින් සමන්විත විය.

මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි එම නෞකාව රුසියානු නාවික හමුදා බලයේ සංකේතයක් ලෙසය සළකනු ලැබීය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තමන් එල්ල කළ ප්‍රහාරයකින් නෞකාවට දැඩි හානි සිදුවූ බව යුක්‍රේනය ප්‍රකාශ කළ ද එය මෙතෙක් තහවුරු කිරිමට හැකිවී නොමැති බවය.

කෙසේ වුවද රුසියාව පවසන්නේ නෞකාවේ පතොරම්වල ඇතිවූ පිපිරීමක් හේතුවෙන් නෞකාවට හානි සිදු වූ බවය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ නෞකාවේ සිටි කාර්යය මණ්ඩලය ඉන් මුදාගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !