රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සිකුරාදා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ යුක්රේනයෙන් ළමයින් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීමේ යුද අපරාධයට වගකිව යුතු බවට චෝදනා කරමින්.

අසල්වැසි රාජ්‍ය වන යුක්රේනය ආක්‍රමණය කිරීමේදී සිය හමුදා අපරාධ සිදු කර ඇති බවට එල්ල වන චෝදනා රුසියාව නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනවා.

රුසියාව හෝ යුක්රේනය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ හි සාමාජිකයන් නොවුන ද තම භූමියේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමේ අධිකරණ බලය යුක්රේනය ලබා දී තිබෙනවා.

නිකුත් කරනු ලැබූ මෙම වරෙන්තුවෙන් අදහස් කරනු ලබන්නේ ඕනෑම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටකට සංචාරය කරන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන හේග් වෙත යැවිය හැකි බවයි.

සුඩානයේ ඕමාර් අල් බෂීර් සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට පසුව ICC අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක් වූ තුන්වන ජනාධිපති පුටින් ලෙසටයි සැලකෙන්නේ.

මෙම සතිය මුලදී ද අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට අපේක්ෂා කරන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණා.

එම චෝදනා මතම රුසියාවේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් Maria Lvova-Belova ට ද අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ළමුන් 16,000 කට වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස රුසියාවට හෝ යුක්රේනයේ රුසියානු යටත් විජිත ප්‍රදේශවලට මාරු කර ඇති බවටයි යුක්රේනය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය මාසයේ යේල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් නිකුත් කළ වාර්තාවක් පැවසුවේ රුසියාව 2014 දී බලහත්කාරයෙන් ඈඳාගත් යුක්‍රේන අර්ධද්වීපයේ පිහිටි ක්‍රිමියාවේ යුක්‍රේනියානු ළමුන් 6,000ක් රඳවාගෙන ඇති බවයි.

රුසියාව යුක්රේන දරුවන් දහස් ගණනක් රුසියාවට රැගෙන පැමිණ ඇති අතර එය ගැටුම් කලාපයේ අනාථ දරුවන් සහ දරුවන් ආරක්ෂා කිරීමේ මානුෂීය ව්‍යාපාරයක් ලෙසටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ICC නීති සම්පාදක කරීම් ඛාන් මීට වසරකට පමණ පෙර යුක්රේනයේ සිදු විය හැකි යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළා.

ඔහු යුක්රේනයේ සිදු කළ සංචාරයන් හතරකදී අවධාරණය කළේ ළමයින්ට එරෙහි අපරාධ සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම පිළිබඳව තමා සොයා බලන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?