රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සිකුරාදා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ යුක්රේනයෙන් ළමයින් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීමේ යුද අපරාධයට වගකිව යුතු බවට චෝදනා කරමින්.

අසල්වැසි රාජ්‍ය වන යුක්රේනය ආක්‍රමණය කිරීමේදී සිය හමුදා අපරාධ සිදු කර ඇති බවට එල්ල වන චෝදනා රුසියාව නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනවා.

රුසියාව හෝ යුක්රේනය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ හි සාමාජිකයන් නොවුන ද තම භූමියේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමේ අධිකරණ බලය යුක්රේනය ලබා දී තිබෙනවා.

නිකුත් කරනු ලැබූ මෙම වරෙන්තුවෙන් අදහස් කරනු ලබන්නේ ඕනෑම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටකට සංචාරය කරන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන හේග් වෙත යැවිය හැකි බවයි.

සුඩානයේ ඕමාර් අල් බෂීර් සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට පසුව ICC අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක් වූ තුන්වන ජනාධිපති පුටින් ලෙසටයි සැලකෙන්නේ.

මෙම සතිය මුලදී ද අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට අපේක්ෂා කරන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණා.

එම චෝදනා මතම රුසියාවේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් Maria Lvova-Belova ට ද අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ළමුන් 16,000 කට වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස රුසියාවට හෝ යුක්රේනයේ රුසියානු යටත් විජිත ප්‍රදේශවලට මාරු කර ඇති බවටයි යුක්රේනය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය මාසයේ යේල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් නිකුත් කළ වාර්තාවක් පැවසුවේ රුසියාව 2014 දී බලහත්කාරයෙන් ඈඳාගත් යුක්‍රේන අර්ධද්වීපයේ පිහිටි ක්‍රිමියාවේ යුක්‍රේනියානු ළමුන් 6,000ක් රඳවාගෙන ඇති බවයි.

රුසියාව යුක්රේන දරුවන් දහස් ගණනක් රුසියාවට රැගෙන පැමිණ ඇති අතර එය ගැටුම් කලාපයේ අනාථ දරුවන් සහ දරුවන් ආරක්ෂා කිරීමේ මානුෂීය ව්‍යාපාරයක් ලෙසටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ICC නීති සම්පාදක කරීම් ඛාන් මීට වසරකට පමණ පෙර යුක්රේනයේ සිදු විය හැකි යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළා.

ඔහු යුක්රේනයේ සිදු කළ සංචාරයන් හතරකදී අවධාරණය කළේ ළමයින්ට එරෙහි අපරාධ සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම පිළිබඳව තමා සොයා බලන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37
Video thumbnail
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු බලන්න දෙහිවල පොලීසියට ආ සජිත්..තොරතුරු මුද්‍රණය කිරීමද වරද ?
06:15
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19