පෝලන්තයේ ඉහළම අධිකරණය වන ආණ්ඩුක්රම ව්යවස්ථා විනිශ්චය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයාගේ සේවය හදිසි අත්හිටුවීම රට තුළ මහත් අවුල් සහගත තත්ත්වයකට හේතු වී තිබෙනවා.
ඒ හේතුවෙන් පෝලන්තයේ ජනතාව දැන් නව විරෝධතා ව්යාපාර වෙත යොමුවෙමින් සිටින බවට වාර්තාවෙනවා .
පෝලන්ත ආණ්ඩුක්රම ව්යවස්ථා විනිශ්චය සභාවේ සභාපති බොග්ඩන් ස්වීක්ස්කොව්ස්කි සහ උප සභාපති බාර්ට්ලෝමිජ් සොසාන්ස්කි යන දෙදෙනාගේම තනතුරු අධිකරණයේ වෙබ් අඩවියේ ප්රකාශයට පත් කරන ලද දැන්වීමකින්අ ත්හිටුවා තිබෙනවා.
ජ්යෙෂ්ඨ විනිසුරු ඇනා කෝර්වින්-පියොට්රොව්ස්කා මෙම නිවේදනය නිකුත් කළ අතර අධිකරණ ප්රධානියාගේ වගකීම භාර ගනිමින් කියා සිටියේ නීතියේ ආධිපත්යය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම ක්රියාමාර්ගය අවශ්ය බවයි.
එනම්, වත්මන් අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ නායකත්වයෙන් යුත් රජය, පෙර ජාතිකවාදී PiS රජය (2015-2023) එහි ධුර කාලය තුළ අධිකරණ ඔවුන්ගේ දේශපාලන පාලනය යටතට ගෙන ඒමට උත්සාහ කළ බවට චෝදනා කරනවා.
විශේෂයෙන්, යුරෝපීය මානව හිමිකම් අධිකරණය සහ යුරෝපීය සංගමයේ අධිකරණ විසින් විනිශ්චය සභාවේ විනිසුරුවරුන් තිදෙනා නීති විරෝධී ලෙස පත් කර ඇති බවට තීන්දු කර තිබෙනවා .
අත්හිටුවන ලද අධිකරණ සභාපති බොග්ඩන් ස්විට්කොව්ස්කි, පෙර PiS රජයේ අමාත්යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා . වත්මන් පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස තේරී පත් වූ නව විනිසුරුවරුන් අධිකරණයට ඇතුළුවීම ඔහු නැවත නැවතත් අවහිර කර ඇති බව ට චෝදනා කරනවා .
පෝලන්තයේ ඉහළම අධිකරණය වන විනිශ්චය සභාව යුරෝපීය අධිකරණවල නියෝගවලට බැඳී නොමැති බවට ද ඔහු තර්ක කරනවා.
වත්මන් ඩොනල්ඩ් ටස්ක් රජය බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා නව විනිසුරුවරුන් තෝරා පත් කර ගත්තා . මෙය පාර්ලිමේන්තුව විසින් සහාය දක්වන ලද විනිසුරුවරුන් සංඛ්යාවට විනිශ්චය සභාවේ න්යායාත්මක බහුතරයක් ලබා දුන්නා. අධිකරණය දේශපාලන පාලනයෙන් නිදහස් කර එහි ස්වාධීන නීතිමය ක්රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා විනිශ්චය සභාවේ සභාපති සහ උප සභාපතිවරයා අත්හිටුවීම නිවේදනය කළේ මෙම නව විනිසුරු කණ්ඩායමයි. මෙය රට තුළ කුමන්ත්රණයකට තුඩු දී තිබෙනවා.
සිකුරාදා රාත්රියේ පෝලන්තයේ ආණ්ඩුක්රම ව්යවස්ථා අධිකරණය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස් වූ අතර, අධිකරණ භූමිය ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් පොලිසිය එම ස්ථානයට යවා තිබෙනවා.
වෝර්සෝ පොලිසියට අනුව, විනිසුරුවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.
