මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම්

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් හි නායයෑම් අනතුරු පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

එම ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 75MM ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතීනම්, නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස්කණ්ඩි කඩාවැටීම්, පොලොව ගිලා බැසීම් යනාදි සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශයේ ජනතාව වෙත ඉල්ලීම් කර තිබෙනවා.

ඒ අතරම ඉදිරි පැය 36 පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධ්‍පුර දිස්ත්‍රික්කවලත් ඇතැම්
ස්ථානවල අළුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වෙක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.