සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නවෝත්පාදන අත්‍යවශ්‍යයි – මහ බැංකු අධිපති

සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ආර්ථිකයේ නවීකරණය සහ නවෝත්පාදනය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා.

කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන රටේ ප්‍රධාන නිෂ්පාදන අංශ තුන හරහා තරඟකාරී සහ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව සැබෑ සමෘද්ධිය අත් කරගත නොහැකි බවයි මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේ.

දේශීය හා ගෝලීය සැපයුම් දාම ගැඹුරින් බැඳී ඇති බවත්, උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදනයක් අගය එකතු කළ නිෂ්පාදනයක් බවට පත් කිරීම සඳහා කාර්මික හා සේවා අංශවල දායකත්වය ඉතා වැදගත් බවත් අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නා.

මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම හා තරඟකාරීව කරන රටවල් සමෘද්ධිමත් වන අතර, එසේ කිරීමට අපොහොසත් වන රටවල් පසුගාමී වන බවත් ඔහු පැවසුවා.

ඒ අනුව, දේශීය හා ගෝලීය පරිමාණයෙන් ආර්ථික ක්‍රියාකාරකම් කාර්යක්ෂම හා තරඟකාරීව පවතින බව සහතික කිරීම සඳහා වඩාත්ම තීරණාත්මක සාධකය නව තාක්ෂණයන් වැළඳ ගැනීම බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11