වන්කඩේ ක්‍රීඩා කරමින් හැදී වැඩුණු සූර්යාට ඉන්දීය ඉනිම ගොඩගන්න ගාම්භීර්ගෙන් ආ පණිවිඩය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඇමරිකාව පරදා ජයගන්නට ඊයේ (07) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඇමරිකාව පරදා ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 29කින්.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට ආරම්භයේ දී දැඩි පීඩනයක් එල්ල කරන්නට ඇමරිකානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ 13 වන පන්දුවාර වන විට කඩුලු 06ක් දැවී ලකුණු 77ක් වැනි අසීරු තත්ත්වයක පැවති අතර, සූර්යකුමාර් යාදව්ගේ නායකත්ව ඉනිමෙන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට ඔවුන් සමත් වුණා.

එහිදී පන්දු 49කට මුහුණ දුන් සූර්යකුමාර් හතරේ පහර 10ක් සහ හයේ පහර 04ක් සමඟ නොදැවී ලකුණු 84ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වීම විශේෂත්වයක්.

මෙම තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ සූර්යකුමාර් යාදව් සඳහන් කළේ ඉනිමේ පන්දුවාර 14 කට පසු ලැබුණු විවේකයේදී පුහුණුකරු ගෞතම් ගාම්භීර් තීරණාත්මක පණිවිඩයක් ලැබුණු බවයි.

මෙම තණතීරුවේ ලකුණු 140ක පමණ ලබාගැනීමට හැකි බවට තවමන් තේරුම් ගෙන සිටි බව සඳහන් කළ සූර්යකුමාර්, “තරගයේ අවසන් පන්දුවාරය දක්වා උත්සාහ කර පන්දුවට පහර දෙන්න” යන පණිවුඩය ගාම්භීර්ගෙන් තමා වෙත ලැබුණු බවයි ඔහු පවසා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, තමන්, තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි කාලයක් වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාකර ඇති බවත්, ඒ හේතුවෙන් මේ හා සමාන තණතීරුවල පන්දුවට පහර දෙන්නේ කෙසේදැයි අවබෝධයක් තමන්ට තිබූ බවයි.

ඒ හේතුවෙන් ලකුණු 77ක් තුළ කඩුලු 06ක් දැවී තරමක අසීරු තත්ත්වයක පසුවෙද්දී එක් පිතිකරුවෙකු අවසානය දක්වා පන්දුවට පහරදිය යුතු බව ඔබ තේරුම් ගෙන තිබූ බවත්, සැමවිටම තමන් හොඳ පහරවල් එල්ල කිරීමට උත්සාහ කළ බවයි සූර්යකුමාර් පැවසුවේ.

  1. අන්න ඒකට අපේ සෙට් එක.. ඒ වගේ වෙලාවක අපේ නායකය නම් බින්දුවට යනව..
    ඊට පස්සෙ කට උල් කරගෙන නැවත ක්‍රීඩාංගනයට එනවා.. ඇවිල්ල මැච් එක අවසානයේ විස්තර විචාරකයින්ට සහ මාධ්‍යට කියන්න ඕන දෙය අහගෙන පාඩම් කරනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56