AFC Banner
AFC Banner
Empty Ad

රුසියන් ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමට යුක්‍රේනය සමත් වෙයි

රුසියාව විසින් එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් මැඩපැවැත් වූ බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා.

එහිදී එක් රැයකින් දියත් කළ දිගු දුර ඩ්‍රෝන යානා 67න් 58ක් යුක්‍රේන විසින් බිම හෙළා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනය පුරා කලාප 11ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මේ වන විටත් අනාවරණය කරගෙන නැහැ.

මේ අතර කියෙව් අගනුවර යුක්‍රේන පාර්ලිමේන්තුව අසළ බිම හෙළන ලද ඩ්‍රෝන යානාවන්හි සුන්බුන් ද හමු වී තිබුණා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ රොයිටර් පුවත් ඒජන්සි වාර්තා කරන්නේ එක් ඩ්‍රෝන යානයක සුන්බුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත තිබී සොයාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?