රුමේනියාවේ සිට හංගේරියාවට හොරෙන් පනින්න ගිය පිරිසකට සිදුවූ දේ

රෙදිපිළි සහ යකඩ රැගෙන යන ට්‍රක් රථ තුල සැඟවී නීති විරෝධීව දේශසීමා හරහා රුමේනියාවේ සිට හංගේරියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් ඇතුලු 27 දෙනෙකු රුමේනියාවේ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්, බංග්ලාදේශ ජාතිකයන්, එරිත්‍රියාව සහ පාකිස්ථානය යන රටවල පුද්ගලයන් ද මෙම පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේශසීමා හරහා ගමන් කරන ට්‍රක් රථයක් පරීක්ෂා කිරීමේදී එය රුමේනියා ජාතිකයෙකු විසින් පදවන ලද එකක් බවට අනාවරණ වී ඇති අතර එහි ප්‍රවාහනය කළ භාණ්ඩ අතර සංක්‍රමණිකයන් පිරිස සඟවා තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන්, දේශසීමා පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන රථයේ ඉදිරිපස කොටසේ විශේෂ කුටියක, පරීක්ෂාවකින් පසු විදේශීය ජාතිකයන් 17 දෙනෙකු සොයා ගත් බවයි.

පසුව අදාළ පුද්ගලයින් රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සඳහා Arad පොලිස් මූලස්ථානය වෙත භාරදී තිබෙනවා.

මෙහිදී හෙළිවී ඇත්තේ ඔවුන් අවුරුදු 21 සිට 67 දක්වා වයස්වල පසුවන පුද්ගලයන් බවයි.

මීට අමතරව, රුමේනියානු ජාතිකයෙකු විසින් පදවන ලද තවත් ලෝහ පටවා තිබූ ට්‍රක් රථයක සිටියදී වයස අවුරුදු 21 ත් 42 ත් අතර ශ්‍රී ලංකාවෙන් සහ පකිස්ථානයෙන් පැමිණි සංක්‍රමණිකයන් 11 දෙනෙකුට වැඩි පිරිසක් ද සොයාගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන බවයි රුමේනියානු දේශසීමා පොලිසිය අවධාරණය කර ඇත්තේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ද රුමේනියානු දේශසීමා පොලිසිය විසින් සිරියාවේ සහ තුර්කියේ සිට පැමිණි සංක්‍රමණිකයන් 26 දෙනෙකු සමඟ ට්‍රක් රථයක් ෂෙන්ගන් කලාපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03