රුපියල් ලක්ෂ 450ක මුදල් වංචා කළ කාන්තාවක් එළඹෙන 18 තෙක් හිරගෙට

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බව පවසමින් දිවයින පුරා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 450ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකාර කාන්තාව ඊයේ (09) අත්අඩංගුවට ගෙන අද (10) දින හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩීන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ බදුල්ල – කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි ව සිටි දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවක්.

සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා ගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් කාන්තාව විසින් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත එම සැකකාරිණිය මුදාහැර සිටි බවත්, එම සැකකාරිණිය සෑම මසකම අවසන් ඉරු දින හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිට අත්සන් කළ යුතු ව ඇතත්, එසේ අත්සන් නොකර අධිකරණය මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටිම හේතුව මත වරෙන්තු ලබා සිටි සැකකාරිනියක් බවයි.

සිය සැමියාගෙන් සහ දරුවන්ගෙන් වෙන් වී මහනුවර – තැන්නේගෙදර සැඟව සිට ඇති එම සැකකාර කාන්තාව ඇගේ යෙහෙලියක් හමුවීමට දුම්රියෙන් ඊයේ දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බවට හැටන් පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත ලද තොරතුරක් මත හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ සැකකාරිණිය අත්අඩංගුවට ගැනුණා.

සැකකාරිනිය හැටන්, ගම්පොල, වැලිකඩ, වැල්ලවාය, දඹුල්ල, මහනුවර, බුත්තල ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසක පුද්ගලයින්ගෙන් මෙවැනි ආකාරයට රවටමින් මුදල් ලබාගත් බවත්, එම මුදල් ලබා දුන් අය විසින් හැටන් පොලිසිය වෙත දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් තොරතුරු ලබා දුන් බවත්, මුදල් ලබා දුන් පුද්ගලයන් විසින් ඔවුන් පදිංචි පොලිස් ස්ථානවල පැමිණිලිකර ඇති බවට පොලිසිය සඳහන් කළා.

සැකකාර කාන්තාව විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් මුදලට විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මාස කිහිපයක් පොරොන්දු වූ පොලී මුදල ද ගෙවා ඇති අතර, මෙසේ වංචාකර ලබා ගත් මුදල්වලින් ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සිදු කිරීමට සැකකාරිණිය ඉන්දියාවට ගොස් ඇති බව ද ඇය විසින් පාපොච්චාරණය කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?