රුපියල් ලක්ෂ 450ක මුදල් වංචා කළ කාන්තාවක් එළඹෙන 18 තෙක් හිරගෙට

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බව පවසමින් දිවයින පුරා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 450ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකාර කාන්තාව ඊයේ (09) අත්අඩංගුවට ගෙන අද (10) දින හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩීන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ බදුල්ල – කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි ව සිටි දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවක්.

සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා ගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් කාන්තාව විසින් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත එම සැකකාරිණිය මුදාහැර සිටි බවත්, එම සැකකාරිණිය සෑම මසකම අවසන් ඉරු දින හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිට අත්සන් කළ යුතු ව ඇතත්, එසේ අත්සන් නොකර අධිකරණය මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටිම හේතුව මත වරෙන්තු ලබා සිටි සැකකාරිනියක් බවයි.

සිය සැමියාගෙන් සහ දරුවන්ගෙන් වෙන් වී මහනුවර – තැන්නේගෙදර සැඟව සිට ඇති එම සැකකාර කාන්තාව ඇගේ යෙහෙලියක් හමුවීමට දුම්රියෙන් ඊයේ දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බවට හැටන් පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත ලද තොරතුරක් මත හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ සැකකාරිණිය අත්අඩංගුවට ගැනුණා.

සැකකාරිනිය හැටන්, ගම්පොල, වැලිකඩ, වැල්ලවාය, දඹුල්ල, මහනුවර, බුත්තල ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසක පුද්ගලයින්ගෙන් මෙවැනි ආකාරයට රවටමින් මුදල් ලබාගත් බවත්, එම මුදල් ලබා දුන් අය විසින් හැටන් පොලිසිය වෙත දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් තොරතුරු ලබා දුන් බවත්, මුදල් ලබා දුන් පුද්ගලයන් විසින් ඔවුන් පදිංචි පොලිස් ස්ථානවල පැමිණිලිකර ඇති බවට පොලිසිය සඳහන් කළා.

සැකකාර කාන්තාව විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් මුදලට විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මාස කිහිපයක් පොරොන්දු වූ පොලී මුදල ද ගෙවා ඇති අතර, මෙසේ වංචාකර ලබා ගත් මුදල්වලින් ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සිදු කිරීමට සැකකාරිණිය ඉන්දියාවට ගොස් ඇති බව ද ඇය විසින් පාපොච්චාරණය කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46