රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් යුත් හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්ද්‍රවය සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

බේරුවල පොලිසිය පැවසුවේ මෙම සැකකරු සන්තකයේ තිබී ඇත්තේ හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය බවයි.

ගුවන් හමුදා බුද්ධි අංශයට හා විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල පොලිසිය හා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක් ව අදාළ මෙහෙයුම සිදු කර තිබෙනවා.

අදාළ සැකකරු බේරුවල ප්‍රදේශයේ ම කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි අයෙකු බවටයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල – බුබුලවත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා හෙරොයින් වෙනත් පුද්ගලයන්ගෙන් ලබාගෙන මෙම ජාවාරම සිදු කරන බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරු හෙට (24) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03