රුපියල් දෙසීය ගණන්වලට හාල් දෙන්න වී මිලදී ගන්නේ මෙන්න මේ ගණන්වලට

දේශීය සහල් වර්ග සඳහා උපරිම මිලක් නියම කරමින් රජය විසින් ඊයේ (02) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර නව ගැසට් නිවේදනයට අනුව, සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රෑමයකට නියමකර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 230ක්

දේශිය කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

මෙලෙස නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව එම දේශිය සහල් වර්ග උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.

මේ අතර වී අලෙවි මණ්ඩලය විසින් මහ කන්නයේ වී මිලදී ගැනීම පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කළා.

ඒ අනුව රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 90කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95ක මිලකටත් මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34