රුපියල් කෝටි 50ක දුම්වැටි රේගු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිට පිටකොටුවේ ආයතනයකට රෙදි තොගයක් ලෙස සඳහන් කර එවා තිබූ අඩි 20 බහාලුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත කළ පරික්ෂාවක දීයි මෙම දුම්වැටි හමුවී ඇත්තේ.

එහි තිබී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දුම්වැටි 2,999,400ක් සොයාගෙන තිබෙනවා.

මෙම බහාලුමේ රෙදි රෝල් 266ක් ගබඩාකර තිබෙන බව සඳහන්ව තිබුණ ද රෙදි රෝල් 38ක් පමණක් තිබී ඇති අතර මෙය හිමිකරුවන් විසින් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 40ක පමණ බදු ආදායමක් අහිමිවන බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ දුම්වැටි තොගය පිළිබඳව ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය හරහා ඩුබායිහි පිහිටි නියෝජිත ආයතනයෙන් කරුණු විමසා ඇති අතර නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයන් පිළිබඳව ද රේගු ආදායම් අධීක්‍ෂණ අංශය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දුම්වැටි ගබඩා කර තිබූ බහාලුම ඔරුගොඩවත්තේ පිහිටි ආර්.සී.ටී. පර්යන්තයේදී අද (22) පස්වරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?