රිළවුන් චීනයට ලබාදීම ගැන කනස්සල්ල

ශ්‍රී ලංකාවේ රිළවුන් 100,000ක් චීනයට අපනයනය කිරීම සලකා බැලීමට රජය ගත් තීරණයට එරෙහිව කනස්සල්ලක් මතු වී තිබෙනවා.

රිළවුන් අපනයනය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා කනස්සල්ල පළ කර තිබෙනවා.

වියළි සහ තෙත් කලාපවල හඳුනාගෙන ඇති උප විශේෂ දෙකක් සහිත මෙම රිළවුන් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන බව ප්‍රකාශ කළ ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිපාදන අනුව සතුන් අපනයනය කිරීම තහනම් බවයි.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන මගින් සතුන් අපනයනය කිරීමට ඉඩ ලබා දෙන්නේ සංරක්ෂණ කටයුතු සඳහා හෝ සත්වෝද්‍යානයක් සමඟ හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස පමණක් බවයි ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේ.

මෙම විධිවිධාන යටතේ මස් හෝ විද්‍යාත්මක අධ්‍යයනය සඳහා සතුන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රිළවුන්ගෙන් සිදු වන වගා හානි හේතුවෙන් රජය මෙම පියවර සලකා බලනු ලැබුව ද විද්‍යාත්මක අධ්‍යයනයන් සහ කරුණු මත ඔවුන්ගේ තීරණ පදනම් විය යුතු බවයි ජගත් ගුණවර්ධන මහතා කියාසිටියේ.

අපනයනය කිරීමට නියමිත රිළවුන් සංඛ්‍යාව තෝරාගැනීමේ ක්‍රියාවලිය, චීනයේ රිළවුන් සඳහා සුදුසු තත්වයන් වැනි කරුණු රජය සැලකිල්ලට ගත යුතු බව ඔහු පෙන්වා දෙනවා.

චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් 100,000කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය වීම පිළිබඳව ද පරිසර නීතීඥවරයා කනස්සල්ල පළ කරනවා.

ශ්‍රී ලංකාවේ රිළවුන් සඳහා චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කිරීමෙන් පසුවයි සමාජ මාධ්‍ය ද ඇතුළු පාර්ශව රැසක කනස්සල්ල මතු වී ඇත්තේ.

රිළවුන් චීනයට අපනයනය කිරීම ශ්‍රී ලංකාවේ රිළා ගහනය ඉක්මවා යාමේ ගැටලුව විසඳීමට උපකාරී වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.

චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලාංකික රිළවුන් ලබාදෙන ලෙස චීන නියෝජිත පිරිසක් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

වැඩසටහනේ පළමු අදියර යටතේ රිළවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතයි.

දැනට මෙරට රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී ඇති අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවායි.

රිළා ගහනය අවම කර ගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ද ව්‍යවර්ථ වී තිබෙනවා.

රිළවුන් ගෙන් සිදුවන හානිය ගත් කළ බෝග හානි සඳහා වැඩිම තීව්‍රතාවය නැතහොත් උග්‍රහානිය වාර්තා වී තිබෙන්නේ ද රිළවුන් ගෙන් බවටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ සමීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ.

ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ 250ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ අනුව රිලවුන් විසින් බල ප්‍රදේශ 110ක පූර්ණ හානි ද, බලප්‍රදේශ 235ක උග්‍ර හානි ද 155ක අර්ධ හානි ද, සිදු කරනු ලැබ තිබෙනවා.

රිලවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙන්.

කෙසේ වුවද රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලන විට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත් වීමම සතුටට කාරණයක් බවයි අදාළ සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26