රිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මරුට (ඡායාරූප)

මිහින්තලය කන්නට්ටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එම දිශාවටම ධාවනය වූ ලංගම බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මිහින්තලය දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදියේ ගැටීමෙනුයි.

මෙම අනතුරින් අදාළ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයා ඇතුලු තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් රෝහල් ගත කිරීමේදීයි විශ්‍රාමික පොලිස් නිලධාරියා මියගොස් ඇත්තේ.

මැදවච්චිය පොලිසියේ සේවය කළ ඔහු අනුරාධපුර කලැත්තෑව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි අයෙක්.

මිහින්තලය රෝහලට ඇතුලත් කළ අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරා ද වනවා. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07