spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මරුට (ඡායාරූප)

මිහින්තලය කන්නට්ටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එම දිශාවටම ධාවනය වූ ලංගම බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මිහින්තලය දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදියේ ගැටීමෙනුයි.

මෙම අනතුරින් අදාළ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයා ඇතුලු තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් රෝහල් ගත කිරීමේදීයි විශ්‍රාමික පොලිස් නිලධාරියා මියගොස් ඇත්තේ.

මැදවච්චිය පොලිසියේ සේවය කළ ඔහු අනුරාධපුර කලැත්තෑව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි අයෙක්.

මිහින්තලය රෝහලට ඇතුලත් කළ අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරා ද වනවා. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?