AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් පිය – පුතු මරුට – මව රෝහලේ

හයිලෙවල් මාරගයේ කොස්ගම – මිරිස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පියා සහ පුතු මියගොස්, මව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් තර තිබෙනවා.

මෑතකදී කොස්ගම අළුබෝදල ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති මොවුන් දැරණියගල නූරිය ප්‍රදේශයේ පදිංචි තම ඥාතීන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළම සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරි රථයක ඉරිදි දකුණු පස රෝදය පුපුරා ගොස් ඇති බවත්, ඒ අනුව පාලනයෙන් ගිලිහී ගිය ලොරිය පාරේ දකුණු පසට ගමන් කොට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී, ඉදිරියට ගමන් කිරීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදියේ පදවාගෙන 44 හැවිරිදි පියා සහ 08 හැවිරිදි පුතු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, යතුරුපැදියේ පසුපස පැමිණි කාන්තාව ඉතා බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?