රිය අනතුරකින් පිය – පුතු මරුට – මව රෝහලේ

හයිලෙවල් මාරගයේ කොස්ගම – මිරිස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පියා සහ පුතු මියගොස්, මව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් තර තිබෙනවා.

මෑතකදී කොස්ගම අළුබෝදල ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති මොවුන් දැරණියගල නූරිය ප්‍රදේශයේ පදිංචි තම ඥාතීන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළම සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරි රථයක ඉරිදි දකුණු පස රෝදය පුපුරා ගොස් ඇති බවත්, ඒ අනුව පාලනයෙන් ගිලිහී ගිය ලොරිය පාරේ දකුණු පසට ගමන් කොට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී, ඉදිරියට ගමන් කිරීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදියේ පදවාගෙන 44 හැවිරිදි පියා සහ 08 හැවිරිදි පුතු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, යතුරුපැදියේ පසුපස පැමිණි කාන්තාව ඉතා බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14