පොලොන්නරුව මනම්පිටිය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවුණ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අරණගංවිල මැණිකේ ඇල 65 වන සැතපුම් කණුව ආසන්නයේදීයි ගුවන් හමුදා භටයින් තුන් දෙනෙකු ගමන් කළ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වුණා.
එහිදී කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සෙසු ගුවන් භටයින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගය හරහා ගමන් ගත් මී ගවයෙකු බේරීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




