AFC Banner
AFC Banner
Empty Ad

රිය අනතුරකට ලක්වී පාලමක් යට සිරවී සිටි රියදුරෙක් දින 6කට පසු නිරුපද්‍රිතව හමුවෙයි

ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පසු දින හයක් පාලමක් යට සිරවී සිටි ලොරි රියදුරෙකු ධීවරයින් දෙදෙනෙකු විසින් සොයා ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා ට්‍රක් රථයක් අනතුරට පත්වී සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි 27 හැවිරිදි අයෙක් මෙලෙස හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ එක් පාදයක් රෝහලේදී ඉවත් කර ඇති අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

අනතුරට ලක්ව සිටි රියදුරා සොයා ගත් ධීවරයෙක් පැවසුවේ පාලමේ සිරවී තිබූ විනාශ වූ ට්‍රක් රථය තමා දුටු අතර එහි ක්‍රියාත්මක වී තිබූ එයාර් බෑගයක් චලනය වීම හේතුවෙන් සොයා බැලූ බවයි.

පෝටේජ් අසල පාලමක් යට අනතුරට ලක්වූ රථයක රියදුරු තම අසුනේ සිරවී සිටින බව අනතුරුව එම ධීවරයා දැනුම් දුන් බවයි ප්‍රාන්ත පොලිසිය විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරට ලක්ව සිටි රියදුරා කෑ ගැසීමට උත්සාහ කළ ද වතුරේ ශබ්දය හේතුවෙන් කිසිවෙකුට ඔහුගේ හඬ ඇසී නොමැති බව ධීවරයා සඳහන් කර තිබෙනවා.

වෘත්තීයෙන් වෑද්දුම්කරුවෙකු වූ මෙම රියදුරා අනතුරට ලක්වීමෙන් පසු ආහාර නොමැති නමුත් වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඉන්දියානා ප්‍රාන්ත පොලිස් සැරයන් ග්ලෙන් ෆිෆීල්ඩ් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බේරාගත් රියදුරු දකුණු බෙන්ඩ් හි අනුස්මරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, ඔයේ ඇවිද ගිය පුද්ගලයන් දෙදෙනා නොවන්නට මෙම සිදුවීම වෙනස් ප්‍රතිඵලයක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබු බවයි.

විශේෂත්වය වන්නේ ධීවරයින් විසින් වාහනය සොයා ගැනීමට පෙර මෙම ප්‍රදේශයේ අනතුරක් සිදු වූ බවට වාර්තා වී නොතිබීමයි.

අනතුරින් පසු සිරවූ තමා බේරා ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හමුවේ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවූ බව රියදුරා ධීවරයන් දෙදෙනා හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?