රියැලටි වැඩසටහනකට ගිය තරුණියක් සහ තරුණයන් පිරිසක් අඩි 50ක ප්‍රපාතයකට වැටෙයි.

බලන්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් කළ දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ සමනල වැව සීලගම ප්‍රදේශයේදි එම වැන් රථය අඩි පනහකට ආසන්න ප්‍රපාතයකට පෙරලී අනතුර සිදුව ඇති බවයි.

රියැලටි වැඩසටහනකට සහභාගි වී ආපසු යමින් සිටි තරුණියක් සහ තරුණයන් නවදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇත.

ඔවුන් මේ වන විට බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?