spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියැදුරුගේ නොසැලකිලිමත්කමින් 06 හැවිදිරි දැරියක් බස් රථයට බිලි වෙයි (ඡායාරූප)

පාසල් සේවය බස් රථයකට යටවීමෙන් අවුරුදු 06ක් පමණ වයසැති පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ  පදිංචි අලුත්ගම , දරුසලාම් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර අධ්‍යාපනය ලබමින් සිටි දැරියකුයි.

මෙම දැරිය අද දහවල් පාසල අවසන්ව මවගේ උපදෙස් මත පාසල් සේවා බස් රථයකින් සිය මිත්තනියගේ නිවස කරා පැමිණ තිබෙන අතර බස් රථයෙන් බැසීමට යාමේ දී බිමට ඇදවැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරසන්ගස්වැව පොලිසිය පවසන්නේ බිමට ඇදවැටුනු දැරිය එම බස් රථයේම පිටුපස රෝදයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පරසන්ගස්වැව පොලිසිය විසින් එම රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?