හෙට දිනයේ (28) රාත්‍රී 10 සිට 31 වනදා උදෑසන 6 දක්වා කාලය තුළ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැලිගම නගරයේ , ගාල්ල, මාතර අතුරු මාර්ගයේ ( Beach Road ) කිලෝ මීටර 3+050 සිට 4+050 දක්වා කොටසේ රථ වාහන ධාවනය තාවකාලිකව සීමා කෙරෙනු ඇති.
වැලිගම නගරසභාව විසින් සංවිධානය කරනු ලබන ” COCO VALLI ” සංචාරක ප්‍රවර්ධන හේතුවෙන් මෙම සීමා කිරීම් සිදු කරන බවද සඳහන්.














