AFC Banner
Empty Ad
Empty Ad

රිදී – ලෝකඩ පදක්කම් දිනූ කඟවේන්නු දිවයිනට – ඔලිම්පික් බලාපොරොත්තුවකුත්? (ඡායාරූප)

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ඉන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ධාවන ශූර තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර අද (20) උදෑසන දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ “බිල්බාවෝ” නුවර දී ඉකුත් 18 වැනි දින පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 600 ධාවන ඉසව්ව සඳහා තරග කළ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාලයකින් තරගය නිමකර රිදී පදක්කම දිනා ගත්තා.

එය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සඳහා වාර්තා වී ඇති හොදම කාලය ලෙසයි වාර්තා පොත් අතරට එක්වන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. 

ඔලිම්පික් තරග සහභාගී වීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වන ස්ථානය කරා පැමිණ තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් දෙපළ සහභාගී වන තරගාවලි දෙකක් එළඹෙන ජුනි 25-27 තෙක් ජාතික ශූරතා තරගාවලිය දියගම ක්‍රීඩාංගණයේදීත්, තවත් විශේෂ තේරීමේ තරගාවලියක් එළඹෙන 30 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලි දෙකටම මෙම ක්‍රීඩකයින් දෙපළ සහභාගී වීමට නියමිත අතර එහිදී ඔවුන් දක්වන දස්කම් මත තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 39 වැනි ස්ථානයටත්, කාලිංග කුමාර ද නිසැකවම ඔලිම්පික් පරිසාදන මට්ටමට යමින් ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට වරම් ලබා ගනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය බලාපොරොත්තු වනවා.

20240620 103340 scaled
20240620 103610 scaled
20240620 103711 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
13
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45

?