AFC Banner
AFC Banner
Empty Ad

රිදී පදක්කමකින් ලක්මව සැරසූ නෙත්මිකා

ඩුබායි හි පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් සමත් වුණා.

ඒ, මීටර් 13.01ක දුරක් සටහන් කරමින්.

එය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා.

ඇය අද (25) දිනයේ කාන්තා දුර පැනීමේ ඉසව්වට ද සහභාගීවීමට නියමිතයි.

මොණරාගල – බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ද වනවා.

මේ අතර, අයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මූලික වටයේ තරගයේ දී දෙවන ස්ථානය හිමි කරගත් අයෝමාල් තරගය නිමා කළේ තත්ත්පර 52.96කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?