spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිදීගම සැක සහිත ස්ථානයක තෙල් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

රිදීගම ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිතුමාට ලද දුරකථන ඇමතුමක් මත කළ වැටලීමකදී රිදීගම පානගමුව ප්‍රදේශයේ සැක සහිත ස්ථානයක ජර්මනියේ නිෂ්පාදිත බවට පවසන කෑම පිසීමට යොදා ගන්නා තෙල් 10 L කෑන් 5160 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

එම තෙල් තොගය රම්බඩගල්ල අධිකරණයට ඉදිරිපත් කර රජයේ රස පරීක්ෂක වෙත සාම්පල් යවා පාරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න තහවුරුවක් ලබාගැනීමට නියෝග ගෙන තිබෙනවා.

තෙල් කෑන් තොගය කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු නමින් ආනයනය කර බෙදාහරින බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.

තෙල් කෑන් ලේබල් කර තිබූ නමුත් ලේබල් වල අඩුපාඩු, නිෂ්පාදිත දින වල වෙනස්කම්, කාණ්ඩ අංක සහ ලේබල් වලට අදාළ සටහන් වල අඩුපාඩු සහ කර්මාන්තයට අදාල සුදුසුකම් පෙන්වීමට නොහැකි වීම මත ද යම් සැකයක් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?