රිජ්වේ රෝහල් සේවකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සේවකයෙකුට සොරෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බවයි.

සැකකරු රෝහලට පැමිණ රෝහලේ ඇතැම් බඩු සොරකම් කිරීමේ නිරත වන අයුරු දුටු රෝහල් සේවකයා ඒ පිළිබඳ ව විමසා තිබෙනවා.

ඉන්පසුවයි සැකකරු විසින් තියුණු ආයුධයකින් සේවකයාට පහර දී පලා ගොස් ඇත්තේ.

රෝහල් සේවකයා තුවාල ලබා මේ වනවිට (20) රෝහල්ගත ව නේවාසික ව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?