රිජ්වේ ආර්යා ළමා රෝහලෙත් ඖෂධ හිඟයක් ද ? 

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධ නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඇතැම් ඖෂධ රෝහලට අවශ්‍ය බව පවසමින් මෙම ලිපිය සංසරණය වන අතර එහි සඳහන් ඖෂධ රෝහලට අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය.

මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රුධිරය ලබාගැනීමට අදාළ කට්ටලවල හිඟයක් මේ වනවිට පවතින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?