රෑට රෑට නිවාසවලට ගල් ගැසූ කොලු රංචුව අල්ලයි (වීඩියෝ)

තරුණයින් පිරිසක් එක් ව රාත්‍රී කාලයේ දී වාද්දූව – මැදපාර ප්‍රදේශයේ නිවාසවලට ගල් ගසන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් මෙම පැමිණිලි සිදු කරන ලද බවත් ඒ අනුව වාද්දූව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවාසීන් සැක කර ඇත්තේ එම ප්‍රදේශයේ සිටින තරුණයින් කණ්ඩායමක් එක් ව මෙම අනීතික ක්‍රියාව සිදු කරන බවයි.

දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව – තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවටයි පැමිණිලි කර ඇත්තේ.

ඇතැම් ගල් ප්‍රහාර වැදී නිවැසියන් තුවාල ලබා ද තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ (18) රාත්‍රියේ දී ගල් ගැසීම් සිදු කිරීමට සම්බන්ධ තරුණයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම තරුණයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැකියා සඳහා නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීමට එම ප්‍රදේශයේ ම නිවසක් කුලියට ගෙන සිටි පුද්ගලයන් බවත් හෙළි ව තිබෙනවා.

වාද්දුව පොලිසිය ප්‍රකාශ කළේ මෙම සිද්ධිය ගැන විමර්ශන සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?