රෑට රෑට නිවාසවලට ගල් ගැසූ කොලු රංචුව අල්ලයි (වීඩියෝ)

තරුණයින් පිරිසක් එක් ව රාත්‍රී කාලයේ දී වාද්දූව – මැදපාර ප්‍රදේශයේ නිවාසවලට ගල් ගසන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් මෙම පැමිණිලි සිදු කරන ලද බවත් ඒ අනුව වාද්දූව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවාසීන් සැක කර ඇත්තේ එම ප්‍රදේශයේ සිටින තරුණයින් කණ්ඩායමක් එක් ව මෙම අනීතික ක්‍රියාව සිදු කරන බවයි.

දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව – තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවටයි පැමිණිලි කර ඇත්තේ.

ඇතැම් ගල් ප්‍රහාර වැදී නිවැසියන් තුවාල ලබා ද තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ (18) රාත්‍රියේ දී ගල් ගැසීම් සිදු කිරීමට සම්බන්ධ තරුණයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම තරුණයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැකියා සඳහා නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීමට එම ප්‍රදේශයේ ම නිවසක් කුලියට ගෙන සිටි පුද්ගලයන් බවත් හෙළි ව තිබෙනවා.

වාද්දුව පොලිසිය ප්‍රකාශ කළේ මෙම සිද්ධිය ගැන විමර්ශන සිදු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14