logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රැල්ලෙන් ගසා ආ කොටයක් මුහුණේ වැදී තරුණයෙකු මරුට

පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරම්න් විනෝදයට දිය නාමින් සිටි පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත සිද්ධිය අද (03) දහවල් සිදු ව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය මිතුරෙකු සමග පානදුර වෙරළට පැමිණ මුහුදු වෙරළේ දියනාමින් සිට ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

රළ පහරට වේගයෙන් ගසාගෙන ගිය කොටය ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ මුහුණේ ගැටී ඇති අතර ඉන් ඔහු දියේ දී ම සිහිමුර්ජාවට පත් ව මරණයට පත් ව ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
36
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?